Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියානු මිසයිලයක් ලෝකය යළි හොල්ලයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රොකට්ටුවක් හෝ මිසයිල අත්හදා බැලීමකට උතුරු කොරියාව සූදානම් වන බවට වාර්තා පළ වනවා. විදෙස් වාර්තා පවසන්නේ උතුරු කොරියාවේ පියොංන්ග්යැන් අගනුවරට ආසන්නයෙන් ලබා ගත් චන්ද්‍රිකා ජයාරූප මගින් මේ බව අනාවරණ වී ඇති බවයි. උතුරු කොරියාව සිය බැලැස්ටික් මිසයිල හා රොකට් මෙහෙයුම් කටයුතු සිදු කරන සැනුම්ඩොන් ප‍්‍රදේශය ආශි‍්‍රතව මෙම නව කි‍්‍රයාකාරකම් සිදු කරන බවයි අදාළ චන්ද්‍රිකා ජයාරූප මගින් අනාවරණ වී ඇත්තේ. 

කෙසේවෙතත් මෙම චන්ද්‍රිකා දත්ත නිකුත් වුණේ උතුරු කොරියාව සිය ප‍්‍රධානතම රොකට් මෙහෙයුම් මධ්‍යස්ථානය වන සෝහ් කලාපයේ ඉදිකිරීම් කටයුතු යළිත් සිදු කෙරෙන බවට වාර්තා පළවීමත් සමගයි.  අමෙරිකාව සමග සාකච්ජා වලට එළඹීමත් සමගම උතුරු කොරියාව සෝහ් කලාපය විනාශ කිරීමට පියවර ගත්තා. එහෙත් අමරිකානු සාකච්ජා බිඳ වැටීමත් සමග සෝහ් කලාපය යළිත් ස්ථාපිත කිරීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.