Friday, April 19, 2024

General line - 0115112241

නිල් මහා සටනේදී තෝමස් කී‍්‍රඩකයෝ වසර 12ක ඉතිහාසයක් අලූත් කරති

තරංග රුක්ෂාන් ජයසේකර




140වන වරට පැවැති නිල් මහා සටන වාර්ෂික පාසල් කි‍්‍රකට් තරගයෙන් කොලඹ රාජකීය විද්‍යාලය පරදා කඩුළු 07ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද (09) සමත්වුණා. දින 03ක් පුරා තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදීයි. 

ශාන්ත තෝමස් විද්‍යාලය නිල් මහා සටන ජය ගත්තේ වසර 12කින් පසුව වීමද විශේෂත්වයක්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම ලකුණු 154ක් රැස් කළ අතර තෝමස් කණ්ඩායම ලකුණු 296ක් රැස් කළා. 

දෙවෙනි ඉනිමේදී රාජකීය කී‍්‍රඩකයින් ලකුණු 259කට දැවී ගිය අතර තෝමස් කණ්ඩායමට හිිමිවූ ඉලක්කය ලකුණු 124ක්. එය කඩුළු 03ක් පමණක් බිඳ වැටී තිබියදී තෝමස් කණ්ඩායම අද පසු කර ගියා. 

තරගයේ වීරයා සම්මානය සහ තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස ශාන්ත තෝමස් කණ්ඩායමේ කලණ පෙරේරා සම්මාන දිනා ගත් අතර එම කණ්ඩායමේ උමයංග සුවාරිස් හොඳම පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තා.