Saturday, April 20, 2024

General line - 0115112241

පරාජ රැල්ලට තිත තියන්න ශ්‍රී ලංකාව අද පිටියට




ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන 03වන එක්දින කි‍්‍රකට් තරගය අදයි. (10) තරගය පැවැත්වෙන්නේ දකුණු අපි‍්‍රකාවේ ඩර්බන්හිදීයි. 

තරග 05කින් යුත් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 02ම ජය ගෙන දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවනවා. ඒ අනුව තරගාවලිය පිළිබඳ තීරණයක් ගත හැකි මෙම තරගය දෙපිළටම ඉතා වැදගත්. 

2017 වසරේ සිට දකුණු අපිි‍්‍රකාවේදී මේ දක්වා පැවැති අවසන් එක්දින තරග 07ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වී තිබෙනවා. ඒ අනුව දකුණු අපි‍්‍රකානු පරාජයේ රැල්ලට තිත තැබීමටද ශ‍්‍රී ලංකාවට අද අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයක්. දකුණු අපි‍්‍රකාවේදී ශ‍්‍රී ලංකාව අවසන් වරට තරගයක් ජය ගෙන ඇත්තේ 2012 වසරේදීයි.