Friday, March 29, 2024

General line - 0115112241

පුද්ගලයින් 157ක් සමග ඉතියෝපියානු ගුවන් යානයක් කඩා වැටෙයි

දිනුක් හේවාවිතාරණ




ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමග කඩා වැටී ඇති බව වාර්තා වනවා. මෙම ගුවන් යානය ගුවන් තොටුපළෙන් නික්මවී මිනිත්තු 06කට පසු කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය සංවේගය පළකරන බවත් අනතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් ඇත්නම් ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට දියත් කර ඇති බවයි.

ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාව බලා ගමන් අරඹන ලද මෙම මගී ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකින් අනතුරට පත්ව ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තා නිකුත් වී නොමැත.

අනතුරට පත්වූ ගුවන් යානය බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කොට ඉතියෝපියානු ගුවන් සමාගම වෙතට මිට මාස 04කට පෙර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.