Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව කුවින්ටන් ඩි කොක් ගෙන් ශතකයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර 03වන එක්දින කි‍්‍රකට් තරගය මේවනවිට පැවැත්වෙනවා. ඒ, ඩර්බන්හිදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව, පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

ශ‍්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් 02ක්ද සමගයි. ඒ අනුව නවක කී‍්‍රඩක කමිඳු මෙන්ඩිස් අද එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්. මීට අමතරව ඉසුරු උදාන ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ, විශ්ව ප‍්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා වෙනුවටයි. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන දකුණු අපි‍්‍රකාව පන්දුවාර 25ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කර ගෙන සිටිනවා. කුවින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 101යි.