Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියානු ක්‍රිකට් පොතේ ඕස්ට්‍රේලියාව දැවැන්ත ක්‍රිකට් ජයක සටහනක් තබයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී හඹාගෙන ගොස් කණ්ඩායමක් ලැබූ 05 වන විශාලතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වුණා.

ඒ, ඉන්දියාවට එරෙහි සිව්වන එක්දින තරගය කඩුලූ 04කින්ද ජය ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව රැස් කළ ලකුණු 358, ඕස්ටේ‍්‍රලියාව හඹා ගියේ පන්දුවාර 47යි පන්දු 5ක දී කඩුලූ 06ක් පමණක් දැවී තිබියදීයි.

සිය ක‍්‍රිකට් ඉතිහාසයේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් හඹාගොස් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ජයග‍්‍රහණය ලෙසද එය සැලකෙනවා. එමෙන්ම ඉන්දියාවේදී කිසියම් කණ්ඩායමක් හඹාගොස් ජයග‍්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. සිය දෙවන එක්දින තරගයට ක‍්‍රීඩා කරමින් පන්දු 43කදී හයේ පහර 6ක් සමග නොදැවී ලකුණු 84ක් රැස් කළ ඇස්ටින් ටර්නර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.