Thursday, April 25, 2024

General line - 0115112241

පුද්ගලයින් 346 කට මරු කැදවු බෝයින් යානා වෙනුවෙන් අමෙරිකාව දුන් සහතිකය ගැන ලොව පුරා දැඩි කතාබහක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බෝයින් 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා ගුවන් ගමන් සඳහා යෝග්‍ය බවට දක්වමින් අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා ඒකකය විසින් ඊයේ (11) සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

චිනය, ඉන්දුනිසියාව සහ ඉතියෝපීයාව ඊයේ නිවේදනය කර සිටියේ සිය ගුවන් සේවාවන් විසින් භාවිත කරන සියලුම බෝයින් මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවු බවයි. 

ඊට අමතරව තවත් රටවල් ගණනාවක් විසින් මෙම වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් සම්පුර්ණ පරික්ෂණයක් සිදු කිරීම අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇති අවස්ථාවේදී අමෙරිකා ෆෙඩරල් ගුවන් සේවා ඒකකය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ලොවපුරා දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

අමෙරිකාවේ සමාගමක් වන බෝයින් සමාගමේ නිෂ්පාදිත 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානායන් දෙකක් ඉන්දුනිසියාවේදී සහ ඉතියෝපියාවේදි අනතුරට ලක්විමෙන් පිළිවෙලින් පුද්ගලයින් 189 දෙනෙක් සහ 157 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා.

ඉකුත් ඉරිදා ඉතියෝපියාවේ සිදුවු ගුවන් අනතුරත් සමග බෝයින් සමාගමේ කොටස් වෙලදපළ අගය 12.9%කින් පහත වැටුනු බව අමෙරිකා කොටස් වෙලදපළ සමස්ත මිල දර්ශකය ඊයේ (11) පෙන්නුම් කරනු ලැබුවා.