Friday, April 19, 2024

General line - 0115112241

මතභේදයට තුඩුදුන් ගුවන් යානයකට රටවල් රැසකින් තහංචි

දිනුක් හේවාවිතාරණ




ගතවු මාස 06 තුලදි පුද්ගලයින් 346 කට මරු කැඳවමින් මාරන්තික ගුවන් අනතුරු දෙකකට හේතුවු බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් ලොව පුරා දැඩි විරෝධතාවයක් මතුව තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, චිනය, කුවේටය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් මේ වන විට බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව තහනම් කිරිමට පියවර ගෙන ඇත්තේ එම ගුවන් යානා සම්බන්ධයෙන් යළිත් වරක් නිසි තාක්ෂණික පරික්ෂාවක් සිදුකොට මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම අත්‍යාවශ්‍ය බව පවසමින්.

මේ අතර බ්‍රිතාන්‍ය, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල් විසින් බෝයිං මැක්ස් 8 සහ 9 වර්ගයේ ගුවන් යානයන් සිය ගුවන් කළාපයට ඇතුල්විම තහනම් කරමින් ඊයේ (12) නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. 

එම රටවල් එලෙස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව උදෙසා එම පියවර ගැනිමට සිදුවු බවයි.

මේ වන විට බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා භාවිතා කරන්නේ අමෙරිකාව සහ කැනඩාව පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් බෝයිං සමාගම පවසන්නේ සිය ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වන බවයි. එමෙන්ම ඉතියෝපියාවේ සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු කිරිමට අවශ්‍ය සහය ලබා දිමට කැමැති බවද කියා සිටිනවා.