Thursday, March 28, 2024

General line - 0115112241

ඉසුරු උදානගෙන් වාර්තාගත ඉනිමක්

තරංග රුක්ෂාන් ජයසේකර




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ දෙනා ලකුණු 189කට දැවී ගියා.

ඒ, පන්දුවාර 39යි පන්දු 2කදීයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉසුරු උදාන පන්දු 57කදී වේගවත් ලකුණු 78ක් රැස් කළා.

ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

එය සටහන් වූයේ එක්දින තරගයකදී අංක නවයේ පිතිකරු ලෙස පිටියට පිවිසි කී‍්‍රඩකයෙකු රැස් කළ ලොව සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යවේ වාර්තාව ලෙසයි.  

අවසන් කඩුල්ල වෙනුවෙන් ඉසුරු උදාන සහ කසුන් රාජිත ලකුණු 58ක සබඳතාවක් ගොඩ නැගුවා.

එම ලකුණු 58ටම දායක වූයේ ඉසුරු උදානයි.

එය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ එක්දින තරගයක අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු ඉහලම ලකුණු සබඳතාවයේ වාර්තාව වීමද විශේෂත්වයක්.

ඉසුරු උදාන අද රැස් කළේ ඔහුගේ මංගල එක්දින අර්ධ ශතකයයි.