Friday, March 29, 2024

General line - 0115112241

නයිජීරියාවේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි : සිසුන් 08 දෙනෙක්ගේ සිරුරූ හමුවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




නයිජීරියාවේ ලාගොස් අගනුවර පිහිටි තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මේ වන විට එහි සිටි ළමුන් 08 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

බළධාරීන් සඳහන් කරන්නේ මෙම තෙමහල් ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්වන අවස්ථාවේදී එහි පන්ති කාමරවල ළමුන් සහ ගුරුවරුන් රැසක් සිට ඇති බවයි. මේ වන විට සහන සේවා කණ්ඩායම් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නයිජිරියානු සහන සේවා ඒකකයේ ප්‍රධානියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිදුවීම වන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුල කොපමන් සිසුන් සහ ගුරුවරුන් ප්‍රමාණයක් රැඳී සිටියාද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරක් තමන්ට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.