Friday, March 29, 2024

General line - 0115112241

මරා මස් කිරීමට සූදානම් වූ කැබැල්ලෑවා පොලිසිය නිසා බේරෙයි (PHOTOS)

පාලිත ආරියවංශ




බදුල්ල කහටරුප්ප  ඌරුමීතැන්න ගම්මානයේ ස්ථානයක උගුලකට හසුකර මරා මස් කිරීමට සුදානම් වූ  ඈයා නමින් හැදින්වෙන වදවීයන සත්ව විශේෂයක් වන කැබැල්ලෑවෙකුගේ ජීවිතය බේරාගැනීමට බදුල්ල පොලිසිය සමත් වුණා.

එම ස්ථානයේ තිබී වියලන ලද විවිධ  දඩමස් කිලෝ 10 ක්ද  වනසතුන්ට  කන්නට සලස්වා උන් මරා දැමීමට යොදා ගන්නා හක්කපටස් 25ක් ද  සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්මිරිස් වගාවකින් වටවූ කඳු මුදුනක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එය වැටලූ පොලිසියට ගංජා වගාවක්ද සොයා ගැනීමට හැකි වුණා.