Friday, March 29, 2024

General line - 0115112241

බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි ගැන ෆේස්බුක් සමාගමෙන් නිවේදනයක් : වට්ස්ඇප් සමාජ ජාලයෙත් ගැටළුකාරී තත්ත්වයක්




සිය සමාජ ජාල වෙබ් අඩවි වෙත වෛරස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ඇතිවී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

මෙම තාක්ෂණික ගැටළුව ඇතිවී දැනට පැය 06 කට ආසන්න කාලයක් වන අතර ඇතැම් රටවල ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවි වෙතට පිවිසීමේ හැකියාව සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් රටවලට මෙම වෙබ් අඩවි වලට පිවිසීමට හැකියාව ලැබුණත් කිසිදු ක්‍රියාකාරිත්වයක් දක්නට නොලැබෙන බව සඳහන්.

මේ අතර ෆේස්බුක් සමාගමේ හිමිකාරිත්වය දරණ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේද මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ලොව පුරා වාර්තා පළවනවා.