Tuesday, March 19, 2024

General line - 0115112241

කෙන්යාවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්




කෙන්යාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට නයිරෝබි නුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.

ඒ, එරට විශේෂ නියෝජිත පිරිසක් විසින්.

ජනාධිපතිවරයා කෙන්යාව බලා ඊයේ (13) පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය සඳහා සහභාගී වීමටයි.

ඒ, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපතිවරයා අද (14) දහවල් සමුළුව අමතා විශේෂ දේශනයක් ද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.