Thursday, April 25, 2024

General line - 0115112241

රීදිගම පොලිස් ප්‍රහාරයේ සුලමුළ (VIDEO)

දිනුක් හේවාවිතාරණ




රීදිගම ප්‍රදේශයේ පොලිසියට අනියුක්ත නිළධාරින් පිරිසක් විසින් තරුණයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි ක්‍රියා කරන ආකාරය රැගත් විඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම තරුණයා තමන්ව අත් අඩංගුවට ගන්නේ නිරපරාදේ යැයි පවසන විටත් සිවිල් ඇදුමෙන් සැරසි සිටින පොලිස් නිළධාරින් දෙදෙනා එම තරුණයාට පහර කිහිපයක් එල්ල කොට දෑත්වලට මාංචු දමා රැගෙන යාමට උත්සහ දරන අයුරු දක්නට ලැබෙනවා.

පොලිසියේ මෙම ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සමාජයේ කතා බහට ලක්වුයේ අත් අඩංගුවට ගැනිමේදි පොලිස් නිළධාරින්ට සැකකරුවෙකුට පහර දිමේ හැකියාවක් නොමැති යැයි පවසමින්.

කෙසේ වුවත් මෙම සිදුවිම සම්බන්ධයෙන් රීදිගම පොලිසියෙන් අප කල විමසිමකදි එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙලෙස අත් අඩංගුවට ගැනිමට යාමෙදි විරෝධය පලකළ තරුණයා මිට පෙර නීතිවිරෝධි මත්පැන් ප්‍රවාහනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක් බවයි.

ඒ වුවත් මෙම සිදුවිම සම්බන්ධයෙන් දැනට ඉහළ නිළධාරින්ගේ අණ පරිදි පරික්ෂණයක් සිදු කරමින් සිටින බව රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.