Wednesday, April 24, 2024

General line - 0115112241

දරුවන්ගේ සෞඛ්‍ය නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නව මෙහෙයුමක්




පාසල් තුළ හෙළ බොජුන්හල් ඉදිකිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දරුවන්ගේ සෞඛ්‍ය ඉහළ නැංවීම මෙහි අපේක්‍ෂාවයි. වැරදි ආහාර රටා සෞඛ්‍ය ගැටළු රැුසකට හේතුවන බව සොයාගෙන තිබෙනවා.

බෝ නොවන රෝගද එහි එක් ප‍්‍රතිඵලයක්. බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයින් 9 දෙනෙකු මිය යන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන හෙළබොජුන්හල් පාසල් තුළ ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. ඒවායෙහි නියාමනය පාසල් තුළ පිහිටුවන ආහාර කමිටු හරහා සිදු කිරීමට නියමිතයි.