Saturday, April 20, 2024

General line - 0115112241

මාකඳුරේ මධුෂ් ලංකාවට රැගෙන එන්න එපා : මධුෂ්ගේ ඥාතියෙකු ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දිනුක් හේවාවිතාරණ




මාකඳුරේ මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම වළක්වන්නයි ඉල්ලා සුරියවැව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) ගොනු කර තිබෙනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හුවමාරු කිරීමට අදාළව උදර්පන ගිවිසුමක් නොපවතින අවස්ථාවක මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුක්‍රම වයවස්ථාවේ 13(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් ඇතුළු 5 දෙනෙක් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඉකුත් පෙබරවාරි මාසයේදී මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට එම පිරිස මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස එරට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.