Friday, April 19, 2024

General line - 0115112241

සිසුන් 17 දෙනෙක්ට පහරදුන් ගුරුවරයාට අධිකරණයෙන් අද දුන් නියෝගය

දිනුක් හේවාවිතාරණ




පන්ති කාමරයේදී සිසුන් 17 දෙනෙකුට පහරදුන් බව කියන 43 හැවිරිදි පාසල් ගුරුවරයෙකු මෙම මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මුනාච්චිමුනෙයි හි පිහිටි පාසලක සේවය කරනු ලබන මෙම ගුරුවරයා තමන් විසින් පන්තියේ සිසුන් හට නිවසේදී සිදුකර ගෙන එන්නැයි පෙරදා පැවරුමක් ලබාදී ඇත. මෙම සිසුන් 17 දෙනා එම පැවරුම සිදු නොකිරීම හේතුවෙන් ගුරුවරයා විසින් ඔවුන් හට ඊයේ (13) පාසලේ පන්ති කාමරයේදී වේවැලකින් පහරදී තිබෙනවා.

එලෙස ගුරුවරයාගෙන් පහර කෑ සිසුන් 17 දෙනා පසුව රෝහල් ගතවී ඇති අතර පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් හේතුවෙන් අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ බවයි පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.

සිසුන් 17 දෙනා තවමත් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ගුරුවරයා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.