Saturday, April 20, 2024

General line - 0115112241

මත් උවදුර මඩින ජනපතිගේ මෙහෙයුමට ජමියාතුල් උලමා සංවිධානයේත් සහාය

ඩිල්ෂාන් මඩවල




මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති මෙහෙයුමට පූර්ණ සහාය ලබාදෙන බව සමස්ත ශී‍්‍ර ලංකා ජමියාතුල් උලමා සංවිධානය පවසනවා.

ඔවුන් මේ බව පැවසුවේ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සමග පැවති සාකච්ඡාවකදීයි.

තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇතැයිද එම ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළා.

මත්ද්‍රව්‍යයන්ගේ ආදීනව පිළිබද සහ ජාවාරම්කරුවන්ගෙන් ආරක්‍ෂාවීම පිළිබද ප‍්‍රජාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ වුණේ.