Friday, April 19, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාවට එරෙහි විස්සයි 20 තරඟාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

කසුන් කැළුම්




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතය අද නම් කළා.

කී‍්‍රඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ ලසිත් මාලිංගයි.

උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇති අතර යොවුන් කී‍්‍රඩකයින් වන අවිශ්ක ප‍්‍රනාන්දු කමිදු මෙන්ඩිස් සහ පි‍්‍රයමාල් පෙරේරාද සංචිතයට ඇතුළත්ව සිටිනවා.

සුරංග ලක්මාල්, ඇන්ජලෝ පෙරේරා සහ ජෙෆ්රි වෙන්ඩසේ ද ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත්.

තරග 3 කින් සමන්විත ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය ලබන 19 වනදා කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතයි