Tuesday, April 23, 2024

General line - 0115112241

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 14 දෙනෙකුට වසරක සිර දඬුවම්

ලලිත් චාමින්ද - ගාල්ල




සංචාරක විසා මගින් මෙරට කම්කරු රැකියාවේ නිරතව සිටියදි  අත්අඩංගුවට ගත්  චින ජාතිකයින් 14 දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 50,000ක් බැගින් වු දඩමුදලක් හා වසරක අනිවාර්ය සිරදඩුවමක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද (14) නියම කරනු ලැබුවා.

මෙම චින ජාතිකයින් සදහා නියම කරණු ලැබු දඩමුදල නොගෙවන්නේ නම් වසරක අනිවර්ය සිරදඩුවම තවත් මාසයකින් දිර්ඝ කිරිමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසරක අනිවර්ය සිරදඩුවම ගෙවියාමෙන් පසු මොවුන් 14 දෙනා මෙරටින් පිටුවහල් කිරිම සදහා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානය වෙත  යොමුකරණ ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කරනු ලැබුවා.

මෙසේ දඩමුදල් හා අනිවාර්ය සිරදඩුවම් නියමවුයේ සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දේසි උල්ලංනය කරමින් ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කම්කරුවන් ලෙස අලුත්වැඩියා කටයුතු වල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකුටය.