Thursday, March 28, 2024

General line - 0115112241

අගමැතිට බැරිවුණ හේතුව බන්දුල කියයි

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




ආර්ථිකය නිවැරදි දිශාවට මෙහෙයවීමට වත්මන් ආණ්ඩුව යටතේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට නොහැකි වූයේ ඔහු වෙත සපයා තිබූ වැරදි තොරතුරු නිසා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට අද එක්වෙමින්.

කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ද විවාදයට එක්වුණා.

මෙම විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායකද අදහස් දැක්වූවා.

ඒ, උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ප‍්‍රමාද වී ඇතැයිද සිහිපත් කරමින්. එහිදී බිමල් රත්නායක මන්තී‍්‍රවරයා සහ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අතර උණුසුම් සංවාදයක්ද ඇති වුණා.
 

 

බම්බලපිටිය ප‍්‍රදේශයේ ඉකුත්දා සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන්ද අදත් මෙම විවාදයේදී අදහස් පළ වුණා.  එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිඞ්නි ජයරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

2019 අයවැයෙහි ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද මෙලෙස විවාදයට ගැණුනා.