Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර නව සන්ධානයකට සාකච්ඡා ඇරඹෙයි

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




නව සන්ධානයක් ඇති කර ගැනීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා අද ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්‍ෂයට විරෝධී ප‍්‍රතිපත්තියක සිට මෙම නව සන්ධානය ඇති කර ගන්නා බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසන්නේ. සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

නව සන්ධානයක් ඇතිකර ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙලෙස සාකච්ඡා පැවැත්වුවද ඉකුත්දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඔවුන් කි‍්‍රයා කළේ පරස්පර ලෙසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන මන්තී‍්‍රවරුන් අයවැයට විපක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සිටින මන්තී‍්‍රවරුන්ගෙන් පිිරිසක් ඊට ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

අද පැවති සාකච්ඡුාවලින් පසු මාධ්‍යවේදීන් ඒ පිළිබදවද ප‍්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පැවසුවේ මන්තී‍්‍රවරුන් අවස්ථානුකූලව කටයුතු කළ බවයි.

ඩලස් අලහප්පෙරුම මන්ති‍්‍රවරයාද මීට ප‍්‍රතිචාර දැක්වූවා. ඔහු පැවසුවේ අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම දේශපාලන වරදක් බවයි.