Friday, April 26, 2024

General line - 0115112241

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ආන්ඩුවට මුස්ලිම් ක්‍රොංගසයේ සහය නෑ - ඩිලාන්

කසුන් කැළුම්/සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සිටින මන්තී‍්‍රවරුන්ගෙන් පිරිසක් ඉකුත්දා පැවති අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සිටින මන්තී‍්‍රවරුන්ගෙන් කිහිප දෙනෙකු අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් ඩිලාන් පෙරේරා ඇතුළු එම කණ්ඩායමේ මන්තී‍්‍රවරුන් 4 දෙනෙකු අයවැයට විපක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළා. අද පැවැත් වූ තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව විනය පියවර ගන්නේ නම් ඊට මුහුණදීමට තමන්ද සූදානම් බවයි.

කෙසේවෙතත් අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි කණ්ඩායමද අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විපක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි විශ්වාස කරන බවද ඩිලාන් පෙරේරා මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා. 

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ කණ්ඩායමේ ඡන්දද ආණ්ඩුවට අහිමි වනු ඇතැයි ඩිලාන් පෙරේරා මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.