Thursday, April 25, 2024

General line - 0115112241

තවත් කි‍්‍රකට් වෙනසක්

කසුන් කැලුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස අසන්ත ද මෙල් පත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔහු මේ වන විට කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා. 

දැනට කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන ජෙරී වවුටර්ස් දකුණු අපිි‍්‍රකානු තරග සංචාරය සදහා පමණක් එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. චරිත් සේනානායක ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඉකුත් නොවැම්බර් මසදී ජෙරී වවුටර්ස් පුරප්පාඩු වූ එම ධුරයට පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කළා. 

චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන්. කෙසේ වෙතත් අනතුරුව කණ්ඩායම් කළමනාකාර ධුරයට පත් කෙරුණු ජෙරී වවුටර්ස්ගෙන් කණ්ඩායමේ මානසිකත්වය ගොඩනැගීම සදහා කැපී පෙනන සහායක් නොලැබීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සදහා අසන්ත ද මෙල් පත් කිරීමට කි‍්‍රකට් ප‍්‍රධානීන් තීරණය කර තිබෙන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.