Friday, April 19, 2024

General line - 0115112241

සියළු ශී‍්‍ර ලාංකිකයන්ට පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයක්

ඩිල්ෂාන් මඩවල




සියළු ශී‍්‍ර ලාංකිකයන්ට ඉදිරියේදී පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා.

සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන තවදුරටත් ශක්තිමත් කරමින් පූර්ව රෝගී පරීක්‍ෂණද සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පුද්ගලයින් දස දහසකට එක් වෛද්‍යවරයෙකු බැගින් ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිණියන් 105 දෙනෙකුට ටැබ් පරිගණක ලබාදීම වෙනුවෙන් කොළඹ අද පැවති උත්සවයකදීයි.

ටැබ් පරිගණකවලට අමතරව මහජන සෞඛ්‍ය හෙද නිලධාරිණියන්ගේ රාජකාරී පහසු කරලීම සදහා ඉදිරියේදී ඔවුන්ට යතුරු පැදි ලබාදෙන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.