Thursday, April 25, 2024

General line - 0115112241

යාන්ත්‍රික කියත් ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

නිශාන් ද සිල්වා




යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම සදහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. 

මීට පෙර එම ලියාපදිංචි කිරීම් කාලය අවසන්වීමට නියමිතව තිබුණේ ඉකුත් පෙබරවාරි මස 28 දායි. එහෙත් ලියාපදිංචි කිරීමේ කාලසීමාව අද දිනය දක්වා දීර්ඝ කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කළා.

වන විනාශය අවම කිරීමේ අරමුණින් යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සදහා බලපත‍්‍ර ලබාදීමට නියමිතයි. අදාළ ලියාපදිංචි කිරීම් ආසන්නම පොලිස් ස්ථානයේදී සිදුකළ යුතු වනවා.