Tuesday, May 21, 2019
Hotline - 0770586666

අයවැයට එරෙහි වන්නේ නෑ - බදියුර්දීන්

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න

3221Views

 

 

 

අයවැයට එරෙහිව ඡන්දය ලබාදීමට සිය පක්‍ෂය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා ඊයේ (14) සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ආණ්ඩුවෙන් කර ඇති ඉල්ලීමක් හේතුවෙන් අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය සහ මුස්ලිම් කොංග‍්‍රසය කණස්සල්ලෙන් පසුවන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මන්ති‍්‍රවරයා කියාසිටියා. 

 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

ගැටළුවක් ඇත්නම් සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

 

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර අලි සහීර් මව්ලානාගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. අයවැයට එරෙහිව ඡන්දය ලබාදීමට සිය පක්‍ෂයද තීරණයක් ගෙන නොමැති බව මන්තී‍්‍රවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියාසිටියා..