Friday, April 19, 2024

General line - 0115112241

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රිඩකයින් සිටි නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.

තුවක්කුකරුවෙක්  විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදිම සදහා පැමිණෙමින් සිටි        බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට  දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කළ බව කියන තුවක්කුකරුව සොයා නවසීලන්ත ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර නගරයේ පිහිටි කාර්යාල, පාසල් සහ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.