Tuesday, March 19, 2024

General line - 0115112241

තවත් වැටලීමක් - අයිස් සහ ගංජා සමග සැකකරුවෙකු කොටු




අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකව සිටි සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගංගොඩවිල ප‍්‍රදේශයේදීයි. 

සැකකරු ගමන් ගත් කැබ් රථය පරීක්‍ෂා කිරීමට යාමේදී ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා. 

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කැබ් රථය ලූහුබැද ගොස් ගංගොඩවිල හංදියේදී එය නතර කර පරීක්‍ෂා කර තිබෙනවා. එලෙස පරීක්‍ෂා කරන අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 40 ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 37 ක් සොයා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා.

 සැකකරු අද කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.