Wednesday, April 24, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම්




පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. 

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ පිළියන්දල, කඹුරුපිටිය සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල රාජකාරී කළ ස්ථානාධිපතිවරුන්ටයි. මීට අමතරව ගාල්ල කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂක ඞී ජේ එස් කරුණාදාස ගිනිගත්හේන පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවද පොලීසිය පැවසුවා. 

ඉකුත් 12 වනදාද පොලිස් ස්ථානාධිපතිවරුන් 54 දෙනෙකුට පොලිස් මූලස්ථානය මගින් ස්ථාන මාරුවීම් ලබාදුන්නා.