Friday, April 26, 2024

General line - 0115112241

වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි පිරිසක් රණාලේදි අල්ලයි




වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු එම වෑන් රථයද සමග අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සමත් වී තිබෙනවා. 

ඒ, නවගමුව පොලිස් වසමේ රණාල, ජනසවි මාර්ගයේදීයි. සැකකරුවන් වෑන් රථයේ හිමිකරුගේ අත්පා බැද එම වෑන් රථයෙන්ම රැගෙන යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් ඇඹිලිපිටිය, මීගොඩ, රණාල, නාරන්වෙල හා කතරගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.