Friday, March 29, 2024

General line - 0115112241

ASB ෆැෂන්ස් බලංගොඩ ශාඛාව නව නිවහනකට




ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ඇඳුම් ව්‍යාපාරයක්වන ASB Fashions ආයතනයේ  බලංගොඩ ශාඛාව අද අලුත් නිවහනකදී විවෘත කෙරුණා.

මේ සමඟ දේශීය ආයතනයක් වන ASB Fashions ආයතනයේ මුලු ශාඛා ගණන 19ක්. නවීන විලාසිතාවන්ගෙන් මෙන්ම පහසු මිලකට නිමි ඇඳුම් ලබා ගැනිමේ අවස්ථාව අද සිට නව්‍යකරණය කෙරුණු  බලංගොඩ ශාඛාවේදී ප්‍රදේශවාසී ගණුදෙනුකාර හිතවතුනට උදාවන බවයි ASB ආයතනය ප්‍රකාශ කලේ.

මාලඹේ,පානදුර,අම්බලන්ගොඩ,ගාල්ල,මාතර,තංගල්ල,අම්පාර,මොණරාගල,අනුරාධපුරය,කුලියාපිටිය,වරකාපොළ,මාතර,අකුරැස්ස,වත්තල,මතුගම,කලුතර සහ හලාවත ආදී ප්‍රදේශ රැසක ඔවුන්ගේ ශාඛා ජාලය ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම අවස්ථාවට ASB සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ක්‍රිෂානි ජීවන්ති මහත්මිය,එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු සේවක පිරිස එක්ව සිටියා.