Thursday, April 25, 2024

General line - 0115112241

රිය අනතුරකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මරුට

ජූඩ් සමන්ත




හලාවත ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

මාදම්පේ හැලබණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි නුවන් සංජීව නමැති ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඔහු ගමන්ගත් යතුරු පැදිය ඊයේ රාති‍්‍රයේ මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එම මන්තී‍්‍රවරයා මියගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.