Friday, March 29, 2024

General line - 0115112241

ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයෙකු ගිනි තබා ගනියි

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන තිබෙනවා. 

එලෙස සිරුරට ගිනි තබා ගෙන ඇත්තේ 62හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා. 

ඔහු ප‍්‍රතිකාර සඳහා කලූබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ පුද්ගලයා ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ නැවත සේවය ඉල්ලා සිටින අයෙකු බව ද පොලීසිය පැවසුවා.