Tuesday, April 23, 2024

General line - 0115112241

හම්බන්තොටින් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220 ක් සමග සැකකරුවෙක් STF අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




හම්බන්තොට ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220 කට වැඩි ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරියක් පරික්ෂා කිරීම සඳහා නතර කරන ලෙස සංඥා කලද එම ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා. පසුව ඒ පසුපස හඹා ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් එම ලොරි රථය සුරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව විය.

පසුව සිදුකරන ලද සෝදිසියේදී ලොරි රථයේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝග්‍රෑම් 25 බැගින් වූ කොට්ට 09ක්, අධිබලැති ජෙලට් නයිට් කුරූ 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් සමත්ව ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය, ලොරි රථය සහ සැකකරුව හම්බන්තොට පොලිසියට භාරදී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරි ජෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ මෙම පුපුරණ ද්‍රව්‍ය ගල් කොරියක් වෙත රැගෙන යමින් තිබු බවයි.

තංගල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ප්‍රකාශ කර සිටියේ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.