Saturday, April 20, 2024

General line - 0115112241

අයිස් සහ කොකේන් සමග පානදුර කෙසෙල්වත්තේදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

හේමන්ත කහවලගේ




කොකේන් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයින් තුන්දෙනෙකු පානදුර, පරන්ත රිවිදෙව්ගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පානදුර උතුර පොලීසිය විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී කොකේන් ග‍්‍රෑම් 4 කට වැඩි ප‍්‍රමාණයක් ද, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 96ක් ද සොයා ගෙන තිබෙනවා. ජංගම දුරකථන 16ක් සහ ඒවා සඳහා භාවිත කරන සිම්පත් 8ක්, සුළු බර කිරීමට යොදා ගන්නා තරාදියක් සහ ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබූ මුදල් රු. 37,000ක් ද ඔවුන් සන්තකව තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. 

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස දින 7ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගත් බවයි පොලිසියේ උසස් නිළධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.