Wednesday, April 24, 2024

General line - 0115112241

වැල්ලවත්තේ චීන කසිප්පු ජාවාරමක් පොලීසිය හෙළි කර ගනී

හේමන්ත කහවලගේ




චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් කොල්ලූපිටිය පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. මෙම නීතිවිරෝධී මත්පැන් වර්ගය නම් කර ඇත්තේ ‘‘චීන කසිප්පු’’ ලෙසයි. එහි ලීටර් 4 බැගින් වන කෑන් 50ක් පොලීසිය විසින් සොයා ගැනුණා. 

ජාවාරම සිදු කළ බව කියන චීන ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමියෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. මත්පැන් පෙරීම සහ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ ස්ථානයකයි.