Tuesday, April 23, 2024

General line - 0115112241

රට යන්න ගෝඨාභයට අවසර

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබන 26වනදා සිට අපේ‍්‍රල් 12වනදා දක්වා විදේශගත වීමට ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකරණය අද (15) අවසර ලබා දුන්නා. ඒ, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි කළ ඉල්ලීමක් අනුවයි. 

ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 34කට ආසන්න ප‍්‍රමාණයක් සාවද්‍ය පරිහරණය කළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළ් 07දෙනෙකුට නඩු පවරා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනම් කර තිබුණේ ද මෙම නඩුවට අදාළවයි. නඩුව ලබන 28වනදා යළි කැඳවීමට ද ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය මෙහිදී දින නියම කළා.