Thursday, April 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් - අධ්‍යාපන ඇමති අයවැය විවාදයේදී හෙළි කරයි

පසන් වික්‍රමතිලක




2019 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇති වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (15) විවාදයට ගැනුණා. විපක්ෂයේ මන්තී‍්‍රවරුන් එහිදී පෙන්වා දුන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කඩිනමින් විසඳාලිය යුතු එහෙත්, තවමත් නොවිසඳුනු ප‍්‍රශ්ණ රැසක් තිබෙන බවයි. ප‍්‍රශ්ණ හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තවතවත් ඉහළට එසවීමට කටයුතු කරන බව ආණ්ඩුවේ නියෝජිතයින් පැවසුවා. 

මේ, විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක සහ ඔහුට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්. 

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන අතර ද අද විවාදයේදී සංවාදයක් ඇතිවුණා. 


පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ද මෙම විවාදයට එක්වුණා. 

රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර අතර ද අද විවාදයේදී සංවාදයක් ඇතිවුණා. 

මේ අතර මෙම විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමේ අරමුණින් ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි. ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.