Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති යළිත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




අභියාචනාධිකරණයට ස්ථීර සභාපති විනිසුරුවරයෙකු පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, නීතීඥ ලාල් විජේනායක ඇතුළු නීතීඥවරුන් 04දෙනෙකු විසින්. 

නීතිපතිවරයා, කතානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම්වරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් තවදුරටත් අභියාචනාධිකරණයට වැඩබලන සභාපති විනිසුරුවරයෙකු පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙයසි මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.