Tuesday, April 23, 2024

General line - 0115112241

ප‍්‍රමිතියෙන් තොර බස් ගෙන්වීම තහනම් කිරීමට ප‍්‍රවාහන ඇමති සැරසෙයි




ප‍්‍රමිතියෙන් තොර මගී ප‍්‍රවාහන බස් රථ ශි‍්‍ර ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. දැනට ධාවනය වන ඇතැම් මගී ප‍්‍රවාහන බස් රථ ද නිසි ප‍්‍රමිතියකින් තොර බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මහනුවරට ගොස් අස්ගිරි මහනායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා යෝජිත නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අස්ගිරි මහා විහාරයට අයත් ඉඩකඩම් පවරා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අස්ගිරි මහ නාහිමියන් දැනුවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.