Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්තයේ වෙඩි තැබීම ගැන පාප්වහන්සේගෙනුත් ශෝක පණිවිඩයක්

පවිත‍්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




පුද්ගලයින් 49දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ඉලක්ක කර අද එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළ කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ ද මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති බවයි. එසේම බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සහ ඔටුන්න හිමි චාල්ස් කුමරු ද නවසීලන්ත ප‍්‍රහාරය පිළිබඳ සිය ශෝකය ප‍්‍රකාශ කළා.

ඊට අමතරව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ හා පකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද නවසීලන්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබෙනවා.