Friday, April 19, 2024

General line - 0115112241

වැඩ බලන විදුහල්පතිවරුන් දේශපාලන සබදතා මත පත් කරලා - විපක්ෂය

පසන් වික්‍රමතිලක




වැඩබලන විදුහල්පතිවරුන් බොහොමයක් දේශපාලන සබදතා මත පත්කර ඇතැයි විපක්‍ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඒ, 2019 අයවැයෙහි අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබද විවාදයට එක්වෙමින්. 

එම තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින්,

ඊයේ දිනයේ විවාදයට ගැණුනු 2019 අයවැයෙහි අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සංශෝධන රහිතව ඡුන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  මේ අතර අයවැය 03වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ හතරවන දිනය අදයි. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.