Saturday, April 20, 2024

General line - 0115112241

දූෂණ වංචා සොයන ජනපති කොමිසමට රේගුව සම්බන්ධවත් පැමිණිල්ලක්

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ/සජිත් තිලකරත්න




රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම වෙත රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, රේගු දෙපාර්තමේන්තුවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය විසින්.

භාවිත කළ මෝටර් රථ අමතර කොටස් එකලස් කර, සකස් කෙරුණු මෝටර් රථ බදු අයකිරීමකින් තොරව එවකට සිටි රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලියාපදිංචියට නිදහස් කර ඇති බව එම පැමිණිල්ලේ දැක්වේ. මේ හේතුවෙන් රජයට බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා. 

මෙම අයථා ගණුදෙණුවට රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් චූලානන්ද පෙරේරා සම්බන්ධ බව ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ එම පැමිණිල්ලේ සඳහන්. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් චූලානන්ද පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ මෙම චෝදනාව සත්‍යයෙන් තොර බවයි.

 

තමන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු දැක්වූවා.