Friday, April 26, 2024

General line - 0115112241

සියලු නිවෙස්වල, ආයතනවල බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජයෙන් ඉල්ලීමක්

ලහිරු කපුගේ




ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ආරම්භ වනවා. ඒ වෙනුවෙන් සියලූ නිවෙස්වල, විහාරස්ථානවල සහ ආයතනවල ද රථවාහනවල ද අද සිට බෞද්ධ කොඩිය ඔසවා තබනා ලෙස රජය ඉල්ලීමක් කරනවා. 

මේ, ඒ පිළිබද කරුණු දක්වන ති‍්‍රපිටිකය ලෝක උරුමයක් කිරීම සදහා පත් කෙරුණු රාජ්‍ය කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර.

 

මෙම සතිය තුළ විවිධ වැඩසටහන්ද කි‍්‍රයාත්මක බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා

 

ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා ලබන 23වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට නියමිතයි.