Thursday, March 28, 2024

General line - 0115112241

පරාජ රැල්ලෙන් මිදෙන්න සිංහ පැටවුන් අද පිටියට

කසුන් කැළුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කේප්ටවුන්හිදී අද පැවැත්වෙනවා. 

එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 4.30 ටයි. තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය 4 ට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්. 

දිගින් දිගටම ලබන එක්දින පරාජයන් රැල්ලෙන් මිදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයේදී දක්‍ෂතා අතරට පැමිණිය යුතු බව කි‍්‍රකට් විචාරකයන් පෙන්වා දෙනවා. අද තරගය පැවැත්වෙන කේප්ටවුන්හි නිව්ලන්ස් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව අවසන් වරට එක්දින තරගයක් ජයග‍්‍රහණය කර ඇත්තේ 2003 වර්ෂයේදීයි. ඒ, ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. 

ලසිත් මාලිංග නායකත්වය දරණ 9 වන තරගය මෙය වන අතර ඔහු මේ දක්වා නායකත්වය ලබාදුන් එක්දින තරග අටම ශී‍්‍ර ලංකාව පරාජයට පත්ව තිබෙනවා.