Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්තයේ සංගීත ප්‍රසංග හා සැණකෙළි නවතියි

කසුන් කැළුම්




පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් පසු සංගීත ප‍්‍රසංග, සැණකෙළි සහ කී‍්‍රඩා තරග අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සති අන්තයේදී නවසීලන්තයේ නගර කිහිපය පැවැත්වීමට තිබූ සංගීත ප‍්‍රසංග අවලංගු කෙරුණු බවයි බී බී සී ලෝක සේවය පැවසුවේ. ක‍්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ඉලක්ක කර එල්ල කෙරුණු මෙම වෙඩි ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු අද එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සොව පළ කරමින් ප‍්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණෙහි විදුලි බුබුළු නිවා දැමීමටද ප‍්‍රංශ රජය ඊයේ කටයුතු කළා. වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලෝක නායකයින් මෙන්ම කි‍්‍රකට් තරු රැුසක්ද ශෝකය පළ කර තිබෙනවා