Friday, April 19, 2024

General line - 0115112241

කොකේන් ගහනා මන්ත්‍රීවරුන් පිළිබඳ කතාවකින් පාර්ලිමේන්තුව දැඩි උණුසුම්

ලහිරු කපුගේ/පසන් වික්‍රමතිලක




කොකේන් භාවිත කරන මන්ත‍්‍රීවරුන් පිළිබද පොලිසිය මගින් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව පොලිස්පතිවරයා විසින් තමන් දැනුවත් කළ බව කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ, රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි. 

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ හතරවන දිනයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් අතර අද ඇති වූ සංවාදයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රශ්නයක් යොමු කිරීමත් සමග පාර්ලිමේන්තුවේදී පක්‍ෂ විපක්‍ෂව මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලප්පෙරුම මන්තී‍්‍රවරයා.

 

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේද මෙම සංවාදයට එක් වුණා.

 

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඔවුන්ට දඩුවම් දීමට කටයුතු කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙලෙස යළි සංවාදයට එක් වුණා.

මේ,  පිළිතුරු කතාව කළ කතානායක කරූ ජයසූරිය මහතා.