Saturday, April 20, 2024

General line - 0115112241

බදුල්ලේ හටගත් භූ කම්පණය පිළිබඳ පරීක්ෂණ

පාලිත ආරියවංග/ කසුන් කැළුම්/ ලහිරු කපුගේ




බදුල්ල ඇතුළු ඒ අවට ප‍්‍රදේශ කිහිපයක අද උදෑසන සිදු වූ සුළු භූ කම්පනය සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.  තත්ත්පර කිහිපයක් පැවති එම සුළු භූ කම්පනය වැලිමඩ, හාලිඇල සහ පස්සර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට දැණුනු බව ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත පැවසුවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසිමකදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී එච් ඊ ආර් සිරිවර්ධන පැවසුවේ මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 3 ත් 3 යි දශම 2 ත් අතර වන බවයි. කෙසේවෙතත් පසුකම්පන තත්ත්වයන් පිළිබද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවධානයෙන් පසුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.