Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ මෝටර් රථය අනතුරට ලක්වේ - එකම පවුලේ මව, පියා හා දරුවාට තුවාලයි

මාධව කුලසූරිය




වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාදර් මස්තාන් ගමන්ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටී අනතුරට ලක්වී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම අනතුර මැදවච්චිය මහකුඹුගොල්ලෑව ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ බවයි. අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලැබුවා. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ් එකම පවුලේ මව, පියා හා දරුවා බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.